Tuesday, September 20, 2011

Enriching Teacher Community


ඉන්ටෙල් ටීච් ගුරු පුහුණු වැඩ සටහන නගෙනහිර පළාතේ ආරම්භ කරන ලද්දේ 2010 වසරේ දී ය. එම පළාතේ දමිළ මාධ්‍යයෙන් පුහුණුවක් පළමුවෙන්ම ආරම්භ කරන ලද්දේ එම වසරේ පෙබරවාරි මස දහ වන දිනය.මෙම පුහුණුවට ගුරුවර ගුරු මහත්ම මහත්මීන් විසි දෙනෙකු පැමිණ සිටිය හ.
සුපුරුදු පරිදි මෙම පුහුණුව ආරම්භ කරන ලද්දේ නැගෙනහිර පළාත් EKSP ව්‍යාපෘති කලමණාකාර තුමා වන කලානිදි මහතා විසින් ය. එතුමා සෑම පුහුණුවකදීම කියන පරිදි මෙහිදී ද ගුරුවරුන්ට කියූ එක් දෙයක් නම් මෙය පැවැත්වෙන දින අටම නොකඩවා සහභාගී වන ලෙසය.එතුමා කියූ පරිදිම ගුරුවරු සියළු දෙනාම නොකඩවා දින අටම සහභාගී විය.
මෙම ගුරු කණ්ඩායම අනෙකුත් කණ්ඩායම් සියල්ලන්ටම වඩා වෙනස් විය. එ මොවුන් සතුව තිබුනු පරිඝණක සාක්ෂරතාවයයි. පුරා දින අට තුලදී කිසිදු ගුරුවරයෙකු තාක්ෂණික ගැටළුවක් ගැන දේශකවරුන්ගෙන් ඇසුවේ නැත.සියළුම ගුරුවරුන් හට විද්‍යුත් තැපැල් ලිපිනයන් තිබූ අතර ඒවා මැනැවින් භාවිතා කරන පිරිසක් විය.
මෙම කණ්ඩායම ඉතා සාර්ථක ලෙස පුහුණුව නිමා කරන ලදී. මෙම කතාවට පාදක වන ප්‍රධාන චරිතය වන්නේ ශුබාන්ගි ජොන්සන් මහත්මියයි. ඇය උගන්වනු ලැබූ පාසල වූයේ ත්‍රීකුණාමලය ශාන්ත මරියා දමිළ මහා විද්‍යාලයයි. පසුව නැවත ඇය නැවත මෙම පුහුණුව තම පාසලේ සිදු කරන ලද්දේ එම පාසලේ ම සිටි තවත් ප්‍රධාන පුහුණුව ලැබූ ගුරුවරියක් වන අරුලානන්දන් මහත්මිය සමගය. මෙම ගුරු මහත්මීන් දෙදෙනා විසින් ගුරුවරුන් 18 දෙනෙකු පුහුණු කරන ලදී.
තවත් මාස කීපයක පසුව පාසල් නිවාඩු කාලයකදී වෙනත් පාසල් වලින් ගුරුවරුන් පිරිසක් ශාන්ත මරියා විද්‍යාලයට පැමිණි අතර එම කණ්ඩායම ද පුහුණු කිරීමට ඇය විදුහල්පති තුමා සමග සාකච්ඡා කරන ලදී.
එම කණ්ඩායමට සහභාගී වූ ගුරුවර ගුරුවරුයන් සංඛ්‍යාව වූයේ පනස් නවයකි.එම පුහුණුවට ගුරුවරුන් කින්නියා, කන්තලේ, චීන වරාය, වාන් ඇල, තඹලගමුව, නිලාවැලි පෙරතුවැලි මෙන්ම  ඉතා දුර බැහැර ප්‍රදේශ වන මුතූර්, කිලිවෙඩ්ඩි, ඉච්චලම්පත්තු, ඉලන්ගතුරෙයිමුගාතුවරම්, සාම්පූර්, තොප්පූර්, සේරු නුවර මෙන්ම පුල්මුඩේ වැනි ඉතා ඈත ප්‍රදේශ වලින්ද පැමිණ සිටියහ.
මෙම කණ්ඩායම ට මෙම පුහුණුව සඳහා කිසිදු ගෙවීමක් හෝ දීමනාවක් වත් නොලබා තමන්ගේ වියදමින් පැමිණ නවාතැන් ගෙන මෙය සිදු කරන ලදී. ඒ ඔවුන් ට මෙහි ඇති වටිනාකම සහ අවශ්‍යතාවය ඉතා හොඳින් දැනුනු නිසාවෙන් ය. එසේම ජොන්සන් මහත්මියගේ ද ඇති කැපවීම නිසාය.
ඇයට මේ සියල්ලම කිරීමට තිබුනේ පරිඝණක දහ අටක් පමණි. එසේම ඇයට පාසලේ විඩුහල්පති පියතුමාගේ ද සහය නොඅඩුව ලැබුනි. මෙම කාරණා නිසා ශාන්ත මරියා විද්‍යාලය වඩි ගුරුවරුන් සංඛ්‍යාවක් පුහුණු කිරීම හේතුවෙන් නැගෙනහිර පළාතින් ප්‍රථම ස්ථානය ද දිවයිනෙන් ම තෙවන ස්තානය ද හිමි කරගෙන ඇති අතර ජොන්සන් මහත්මිය නැගෙනහිර පළාතෙන් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇති අතර ඇය දිවයිනෙන්ම තෙවන ස්ථානයද ලබාගෙන ඇත.

No comments:

Post a Comment