Tuesday, September 20, 2011

කටුක දිනුම


මෙම කතාවට පාදක වන දැලිව මහා විද්‍යාලය පිහිටා අත්තේ මොනරාගල දිස්ත්‍රිකයේ දැලිව නම් ගම්මානයේ ය.මොනරාගල නගරයෙන් අම්පාර මාර්ගයේ ගොස් ඔබ්බෙගොඩ ප්‍රදේශයෙන් හරී දම්ඹගල්ල නම් කුඩා ප්‍රදේශයේ සිට තවත් දුරක් දැලිව ගමට යා යුතුය.හරි හැටි බසයක් වත් මෙම ගමට ධාවනය නොවන සේම මෙම පාසල ද අති දුෂ්කර පාසලකි.
මෙම පාසලේ ප්‍රධාන පුහුණුකරු වන්නේ සුමිත් සිරිවධන මහතාය.ඔහු ඉන්ටෙල් ටීච් ගුරු පුහුණුව ලබා ගත්තේ 2009 වසරේ මාර්තු මස දෙවන දින සිට මාර්තු මස නව වන දින දක්වා වැල්ලවායේ මල්වත්තාවල ජාතික පාසලේ පැවැත්වුනු පුහුණුවෙන් ය.
තරුණ ගුරුවරයෙකු වූ සුමිත් මහතා ඉතා කාර්ය ශූර අලුත් දෑ සොයමින් ඉගෙන ගන්නා දක්ෂයෙකි.එම දින අටේ පුහුණුව හැදෑරූ සුමිත් මහතා ගේ මීලඟ කටයුත්ත වූයේ මෙම පුහුණුව තම පාසලේ සිටින ගුරුවරුන්ට ලබා දීමය.
නමුත් එම කටයුත්ත සිදු කිරීම ඔහුට පහසු නැත.සුමිත් මහතාට මුහුණ පෑමට සිදු වූ ගැටළු මෙසේ ය.
01) පාසලට මෙන්ම එම ප්‍රදේශයටවත් විදුලි බලය නොමැති බව.
02) පාසලේ පරිඝණක මධ්‍යස්ථානයට බලය ලැබෙන සූර්ය බල ශක්ති
     පද්ධතිය අක්‍රීය තත්වයේ පැවැතීම.
03) පාසලට අන්තර්ජාල පහසුකම් නොමැති වීම.
04) ගුරුවරුන් පාසල් කාලයෙන් පසුව රඳවා ගැනීමේ අපහසුතාවය
               වැනි ගැටළු ය.
සුමිත් මහතා මෙම ගැටළු විසඳා ගත්තේ මේ ආකාරයට ය.
පලමුවෙන් ම ප්‍රධාන පුහුණුව ට සම්බන්ධ වූ තවත් මෙවැනි පාසල් කීපයක ගුරුවරුන් සමග සාකච්ඡා කොට අක්‍රීය තත්වයේ පැවැති සූර්ය බල ශක්ති සැපැයුම සක්‍රීය කර ගැනීම.පසුව විදුහලපතිතුමා සමග සාකච්ඡා කොට ගුරු රැස්වීමක් පවත්වා වැඩ සටහන ගැන ගුරු මණ්ඩලය දැනුවත් කිරීම. කර මෙම වැඩ සටහන සිදු කිරීම අනෙකුත් ගුරුවරුන්ට අනිවාර්ය කිරීම.
එසේම අන්තර්ජාල පහසුකම් නොමැති වුවත් ඊට අදාල කටයුතු සඳහා විශ්ව කෝෂය හා බ්‍රිටැනිකා යන සීඩී භාවිතා කරන ලදී.
සුමිත් මහතා 2009-05-26 සිට 2009-11-23 දක්වා කලයේ දී තම පාසලේ ගුරුවරුන් 18 දෙනෙකු පුහුණු කලේය.මෙහි දී මෙපමන කාලයක් ගත් වූයේ දිනකට පුහුණුව කරන කාලය අඩු නිසා ය.ඒ ගුරුවරුන්ට ප්‍රවාහන පහසුකම් නොමැති වීම නිසාය.
එයින් නොනැවතුනු සුමිත් මහතා තවත් කණ්ඩායමක් පුහුණු කිරීමට අඩි තැබුවේය.ඒ තම පාසලේ සිට තවත් කිලෝ මීටර 12 ක් පමණ ඈතින් පිහිටි බදුළුවෙල කණිටු විදුහලේ ගුරුවරු කීප දෙනෙකු පුහුණු කිරීමට ය.ඔහු එම කටයුත්ත ට අත ගැසුවේ තම පාසලේ විදුහල්පතිතුමා හරහා ය.ඒ පසලේ විදුහලපති තුමා වන ජේ.එම්.එස්.පී.ජයසිංහ මහතා හරහා බඩුළුවෙල කණිටු විදුහලේ විදුහලපති තුමා වෙත ලිපියම් මගින් දැන්වීම මගිනි.
එම පාසලේ විදුහලපති තුමා ද මෙම වැඩ සටහනට කැමති විය.පසුව සුමිත් මහතා 2010-11-01 දින සිට 2010-11-30 වන දින දක්වා කාලයේ දී එම පාසලේ ගුරුවරුන් හය දෙනෙකු පමන පුහුණු කළේය.මෙම පුහුණුවේ දේ සුමිත් මහතා හට දිනකට කිලෝ මීටර 24 ක් පමන ගමන් කිරීමට සිදු විය.කෙසේ හෝ එම පුහුණුව ද ඉතා සරථකව නිමා කරන ලදී.
ඉන් මාසයකට පමන පසුව මයික්‍රොසොෆ්ට් ආයතනය මගින් පවත්වන ලද "ඉනොවේටිව් ටීචර්ස්" යන තරඟයේ දී සුමිත් මහතා ගේ පාසලේ ඉන්ටෙල් ටීච් වැඩ සටහන පැවැත්වීම නිසා විශේෂ ලකුණු ලැබී එකොලොස් වන ස්ථානය හිමි විය.එය ත්‍යාග වශයෙන් පාසල ට මුදලින් රුපියල් ලක්ශ තුන හමාරක් ද ලැබුනි.
අවසානයේ දී ගත් කල පාසලේ සිඩු කල මෙම පුහුණුව නිසා පැහැදිලි වෙනස්කම් කීපයක් සිදු විය.ඒවා නම් ,
       01) පුහුණුව ලැබූ ගුරුවරු කීප දෙනෙකු ම පුහුණුවේ දී සිදු කල දේවල් ප්‍රායෝගිකව භාවිතා කිරීම.
       02) පාසලේ අක්‍රීයව තිබූ පරිඝණක මධ්‍යස්ථානය නැවත සක්‍රීය කර ගැනීම.
       03) පාසලේ කීර්ති නාමය තවත් වැඩි වීම.
මේ ආකාරයට නැති සම්පත් ගැන කියමින් වැඩ නොකර සිටිනවාට වඩා තිබෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ලබා ගන්නා ආකාරය පෙන්වා දෙන සුමිත් මහතා අනෙකුත් සෑම පාසලකට ම කදිම ආදර්ශයකි.කිසිවකු ට හෝ යම් ආයතනයකට කිසිවක් ඉබේ ලැබෙන්නේ නැත, ඒවා ලබා ගත් යුතු වේ.එයට මො/දැලිව විද්‍යාලයේ සුමිත් මහතා කදිම උදාහරණයකි.
 සුමිත් සිරිවර්ධන මහතා.
සුමිත් මහතා බදුළුවෙල විදුහලේ පුහුණුව සිදු කරන අයුරු.

No comments:

Post a Comment