Tuesday, September 20, 2011

සාර්නියා දමිළ විද්‍යාලය - කන්දෙගෙදර

2009 වර්ෂයේ පෙබරවාරි මස 26 වන දින බදුල්ල ඌව මහ විද්‍යාලයෙහි ප්‍රධාන පුහුණුකරුවන් සදහා වන ගුරු පුහුණුවක් ආරම්භ විය.මෙයට පාසල් නවයකින්ම ගුරුවරුන් පැමිණි අතර ඈත පාසල් වලින් පැමිණි ගුරුවරුන් කිහිප දෙනෙකුද මේ අතර විය.
මේ අතර සිටි අරුලානන්දන් නැමැති දමිළ ගුරු මහතා කන්දෙ ගෙදර නැමැති ගම්මානයෙහි ඇති සාර්නියා නැමැති තේ වතුයායෙහි ඇති සාර්නියා දමිළ විද්‍යාලයෙහි ඉංග්‍රීසි විෂය උගන්වන ගුරු මහතෙකි.ඔහු ප්‍රධාන පුහුණුව පැවති දින අටම නොකඩවා පැමිණ එම පුහුණුව සාර්ථකව නිම කළේය.
එම ප්‍රධාන පුහුණුවෙන් සතියකට පමණ පසු අප ඔහුව ඇමතීමට ගත් උත්සාහයේදී ඔහුගේ දුරකථනය ක්‍රියාත්මක නොවිනි.පාසලෙහි දුරකථන අංකයට කථා කිරීමට ගත් උත්සාහයද අසාර්ථක විය.අවසානයේ දී කල හැකි එකම දෙය වූයේ පාසලට යෑමය.
පාසලට යාමට තිබූ මාර්ගය වූයේ බදුල්ල නගරයට ලග හාලිඇල නම් කුඩා නගරයෙන් ඇති අතුරු මාර්ගයක් ඔස්සේය.එම අතුරු මාර්ගය කොතරම් දුෂ්කරද කිවහොත් පෞද්කලික වාහනයකින් යාමට ම පැය දෙකක් පමණ ගත වුනි.
අවසානයේදී පාසලට පැමිණි පසු මුලින්ම හමු වූයේ විදුහල්පති තුමාය.ඔහුගේ පාසලට පමිණීම ගැන ඔහු ඉතාමත් සන්තෝශ විය.පසුව මා ඔහුගෙන අරුලානන්දන් මහතා ගැන විමසූ විට ඔහු පැවසූයේ එම ගුරු මහතා හට වෙනත් පුහුණුවක් සදහා ඉන්දියාවට යාමට සිදුවූ බවයි.
ඔහු ඉන්දියාවට යාමට පෙර පාසලේ සිටින ගුරුවරුන් පුහුණු කිරීමට නොහැකි විය.නමුත් ඔහු ඊට ඉතා කදිම පිළියමක් යොදා තිබුනි.ඒ ප්‍රභාහාරන් නැමැති ගුරු මහතාව හොදින් පුහුණු කිරීමයි.ඊට පසු අරුලානන්දන් මහතා ඉන්දියාවට ගොස් තිබුණි.
ප්‍රභාහරන් මහතා ද තරුණ, දක්ෂ ඉතා කාර්යශූර ගුරුවරයෙකු විය.ඔහු පාසලේ සිටින ගුරුවරුන් දා හත් දෙනෙකු පමන පළමු කණ්ඩායම තුලින් පුහුණු කර තිබුණි.
ඊට මාස දෙකකට පමන පසුව අරුලානන්දන් මහතා නැවතත් තම පාසල වෙත පැමිණියේය.පසුව එම ගුරු මහතුන් දෙදෙනාම එක්ව තවත් ගුරුවරුන් විසි දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පුහුණු කිරීමට ආරම්භ කළේය.මේ සියල්ලකටම විදුහලපතිතුමාගේ සහය නොඅඩුව ලැබුණි.
මේ ආකාරයේ අඩු පහසුකම් ඇති පාසලකට ද මෙවැනි දෙයක් කල හැකි නම් අනෙකුත් පාසල් වලට කොතෙක් දේවල් කල හැකිද?

No comments:

Post a Comment