Tuesday, September 20, 2011

නිලාවැලි දමිළ මහා විද්‍යාලය


ශ්‍රී ලංකාවේ අති සුන්ඳර ප්‍රදේශ ගත් කල නිලාවැලි මුහුදු තීරය අපට මෙන්ම විදේශිකයන්ට ද නිරතුරුවම සිහියට නැගෙන නිසාවෙනි. මෙම ප්‍රදේශයේ ඇති එක් පාසලක් නම්, නිලාවැලි දමිළ මහා විද්‍යාලයයි. මෙහි සිටින ගුරු මහත්ම මහත්මීන් අතරින් අප හට හමු වූ එක තරුන ගුරු මහත්මයෙක් විය. ඔහු නමින් ඒ. ආර්. එමිල්ටන් මහතා ය.
ඒ නැගෙනහිර පළාතේ ඉන්ටෙල් ටීච් ගුරු පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ය. එය පැවැත්වූයේ ත්‍රීකුණාමලයේ තුල්සිපුර ඇති නැගෙනහිර පළාත් පරිඝණක සම්පත් මධ්‍යස්ථානයේදී ය. එය පැවැත්වුනු දින වකවානුව නම්, 2010-2-10 වන දින සිට 2010-2-17 වන දින දක්වා වේ.
පුහුණුවේ ප්‍රථම දිනදී එමිල්ටන් මහතා පසු වූයේ මහත් කුතුහලයකිනි. නිතරම ඔහුට අවිනිශ්චිත අවස්ථා වලදී ප්‍රශ්න අසමින් විස්තර දැනගත්තේ ය.
එමිල්ටන් මහතා නැගෙනහිර පළාතේ ළමුන් සග ගුරුවරුන් අතර නම් දරා සිටි පුද්ගලයෙකි. ඒ ඔහුගේම බ්ලොග් එකකින් ගුරුවරුන්ට සහ ළමයින්ට විද්‍යාව සහ ICT විෂයට අවශ්‍ය දැනුම ලබා දීම හේතුවෙනි. ඔහුගෙ එම බ්ලොගයට අවශ්‍ය නම් ඔබට මෙම සම්බන්ධකය http://emilsir.blogspot.com/ හරහා යා හැක.
මෙම දින අටක පුහුණුවට පසු පාසලට ගිය එමිල්ටන් මහතා ප්‍රථමයෙන්ම කරන ලද්දේ මෙය කෙසේ ක්‍රියාත්මක කරනවාද යන්න පිලිබඳව විදුහල්පතිතුමා සමග සාකච්ඡා කිරීමයි.පසුව ගුරු රැස්වීමක් පවත්වා ගුරු මහත්ම මහත්මීන් සමග සාකච්ඡා කොට දින නියම කර ගැනීමයි. සාකච්ඡා කරගත් පරිදි පුහුණුව පාසල් නිවාඩු කාලයේ යොදා ගැනීමට නියමිතව තිබුනු අතර ගුරු මහත්ම මහත්මීන් තිස් එක් දෙනෙකු සහභාගී වීමට නියමිතව තිබුනි.
මෙහිදී සඳහන් කල යුතු තවත් විශේෂ කාරණාවක් ඇත. එනම් පාසලේ විදුහල්පතිතුමාගෙන් ලැබුනු අති විශාල සහයොගයයි. එතුමා පුහුණුව පැවැති සියළුම දින වලදී පාසලට පැමිණි අතරම එතුමාගේ පෞද්ගලික වියදමින් සෑම දිනකම ගුරුවරුන් හට දිවා ආහාරය ද සපයන ලදී.
මෙසේ පුහුණුව පාසල් දින වලදී ද සිදු කලේය. පාසල් කාලයෙන් පසුව පාසලේ නැවැතීමට අපහසු ගුරුවරු නිදහස් කාලච්ඡේද වලදී පුහුණුව සිදු කලහ. මේ ආකාරයට එමිල්ටන් මහතා ගුරුවරු තිස් එක්දෙනෙකු පුහුණු කලේය.
මෙම වැඩසටහන නිලාවැලි දමිළැ මහා විද්‍යාලයේ සාර්ථකව සිදුකරගත හැකි වූයේ එක් පුද්ගලයෙකුගේ උවමනාව සහ කැපැවීම නිසා නොව. විදුහලපතිතුමා, එමිල්ටන් මහතා සහ ගුරු කණ්ඩායමේ ද ඇති කැපැවීම නිසාය.
එමිල්ටන් මහතා ප්‍රධාන පුහුණුවේ දී




                                                                               ප්‍රධාන පුහුණුවට සහභාගී වූ පිරිස

No comments:

Post a Comment