Wednesday, September 21, 2011

මප/හැ/ශාන්ත ජෝසප් දමිළ පාසල - මස්කෙළිය

2009 ජූලි මස 8 වන දින මධ්‍යම පළාතෙහි හැටන් ජෝන් බොස්කෝ විද්‍යාලයෙහි ප්‍රධාන ගුරුවරුන් සඳහා වන පුහුණුවක් ආරම්භ විය.පළමු දින ද්වීතීක අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතියෙහි මධ්‍යම පළාතෙහි කළමණාකාරතුමා වන තිලක් ඒකනායක මහතා විසින් පුහුණුව ආරම්භ කළේය.

හැටන් අධ්‍යාපන කලාපය, නුවරඑළිය  අධ්‍යාපන කලාපය හා කොත්මලේ අධ්‍යාපන කලාපය යන අධ්‍යාපන කලාප තුනකින් ගුරුවර ගුරුවරියන් විසිඅත් දෙනෙකු පුහුණුවට පැමිණ සිටියහ.මොවුන් සියල්ලන්ම වාගේ වැඩි වයසක් නොවන පිරිසක් විය.

පුහුණුව පැවැති දින අට තුල සියල්ලන්ම නොකඩවා පුහුණුවට සහභාගී විය.ඔවුන් නිතරම උගන්වන දෙයට වඩා තවත් අලුත් දේවල් අසා දැනගත්තෝය.උදාහරණයක් ලෙස එක තරුණ ගුරුවරයෙක් වෙබ් අඩවිය සාදා ඔහු එය upload ද කලේය.

මේ අකාරයට ඉතාමත් උද්යෝගී අන්දමින් දින අටක පුහුණුව නිමා විය. පසුව මාසයක් පමණ යන විට ගුරුවරුන් තම පාසලේ පුහුණු කිරීම් ආරම්භ කළෝය.මේ අතර මස්කෙළියේ පිහිටි ශාන්ත ජෝසප් දමිළ මහා විද්‍යාලයෙන් පැමිනි ගුරුවරියන් දෙදෙනෙක් වන ජී. සසිකලා මෙනවිය සහ පී. එම්. එස්. නිශා මෙනවිය ද ඔවුන්ගේ පාසලේ පුහුණු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සලසාගෙන තිබුනෝය.

මෙම පුහුණුවට පෙර පාසලේ පරිඝණක මධ්‍යස්ථානය අනෙකුත් ගුරුවරුන් විසින් නිතර නිතර ප්‍රයෝජනයකට ගත්තේ නැත.

මෙහිදී අනිවාර්යයෙන්ම සඳහන් කල යුතු කාරණයක් නම්, එස්. රාමයියා වන පාසලේ විදුහල්පතිතුමාගෙන් ලැබුනු සහයෝගය නම් කිසිසේත්ම අමතක කල නොහැකි වීමයි. ප්‍රථමයෙන්ම විදුහල්පතිතුමා ගුරු රැස්වීමක් පවත්වා කණ්ඩායම් දෙකට ගුරුවරුන් හතලිස්දෙනෙකු නම් කළේය.එසේම විදුහල්පතිතුමා පාසලේ ගුණාතමක යෙදවුම් වලට වෙන් කර අති මුදල් වලින් ගුරුවරුන්ට අවශ්‍ය කුඩා උපකාරක පොත් සකස් කර දීමට ද සියළු කටයුතු සකස් කර දුන්නේය.

පරිඝණක සංඛ්‍යාව විස්සක් පමන මෙම පාසලේ අති නමුත් දින කීපයක් තුලදිම ගුරුවරුන් හතලිස්දෙනාවම විසිදෙන බැගින් වූ කණ්ඩායම් දෙකකින් සාර්ථකව පුහුණු කෙරුනි.

පසුව නැවතත් විසිදෙන බැගින් වූ කණ්ඩායම් දෙකක් පුහුණු කිරීමට සියළු පහසුකම් සහ කටයුතු විදුහල්පතිතුමා විසින් සලසා දුන්නේය.මෙම කණ්ඩායමට අවට පාසල් වලින්ද ගුරුවරුන් ගෙන්වා ගත්තේය.ඒ විදුහල්පතිතුමා හරහා අවට පාසල් වල විදිහල්පතිවරුන්ව ලිපි මගින් දැනුවත් කිරීමෙනි.තවත් විශේෂත්වයක් වන්නේ මෙම පුහුණුවට පාසලේ විදුහල්පතිතුමා සහ අවට පාසල් කිහිපයක විදුහලපතිවරුන්ද සහභාගීවීමයි.

කෙසේ හෝ මෙම කණ්ඩායම් දෙකද දින කිහිපයක් ඇතුලත සසිකලා මෙනවිය සහ නිශා මෙනවියගේ අති මහත් කැපවීම මත සාර්ථකව නිමා විය.අවසානයේ ගත් කල මොවුන් ගුරුවරු අසූදෙනෙකු පමණ සාරථකව පුහුණු කර තිබුනි.එයින් මෙම පාසල ගුරුවරුන් වැඩිම සංඛ්‍යාවක් පුහුණුකර මුලු ශ්‍රී ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය ගෙන තිබේ.මේ සියල්ලම කරගත් හැකි වූයේ එම පාසලෙ ප්‍රධාන පුහුණුකරුවන් දෙදෙනාගේ සහ විදුහල්පතිතුමාගේ තිබූ මහත් කැපවීම නිසාය.

තවත් විශේෂත්වයක් වන්නේ මෙම පුහුණුවෙන් පසුව වෙනදාට පාසලේ පරිඝණක මධ්‍යස්ථානයට වැඩිය නොපැමිණි ගුරුවරුන් එය භාවිතයට ගනීමයි.එසේම ගුරුවරුන්ට පාඩම් සඳහා අවශ්‍යය බහුමාද්‍යය ඉදිර්පත්කිරීම, ප්‍රශ්න පත්‍ර වැනි දෑ තනිවම සකස් කර ගැනීමට පෙලඹී තිබේ.එසේම ළමුන්ව පන්ති කාමරයෙන් පරිඝණක මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් විවිධ පාඩම් සිදු කර ගැනීමට පෙලඹී ඇත.
මේ ආකාරයට ඔබටත් කැප වීමට හැකිනම්, ඔබගේ පාසල ද මප/හැ/ශාන්ත ජෝසප් දමිළ පාසල සේ දිදුලන ස්ථානයක් කරා ගෙන යා හැක.

No comments:

Post a Comment