Thursday, September 1, 2011

Atampitiya


2008-09-23 දින බදුල්ල අල් අදාන් මුස්ලිම් මහ විද්‍යාලයේ දී ප්‍රධාන ගුරුවරුන් සදහා වන පුහුණුවක් අරම්භ විය.ඈත පාසල් වලින් ද ගුරුවරුන් පැමිණියහ.පුහුණුවෙහි දෙවන දින දී ඇටම්පිටිය මහ විද්‍යාලයෙන් පැමිණි ගුරුවරියක් පසු දින නිවාඩුවක් අවශ‍ය බව ඌව පළාත් අධ්‍යක්ෂක තුමාගෙන් ඉල්ලීමක් සිදු කලාය.
නමුත් මෙම පුහුණුවේ දී එක දිනක් හෝ මග හැරුනහොත් සම්පූර්න වටිනාකමම අපතේ යෑමකි. එම නිසා එම ගුරුවරිය පුහුණුවට පැමිණීම නතර කලාය.එයින් සිදු වූයේ පාසලට ලබීමට තිබුනු විශාල අවස්ථාවක් මග හැරීමය.මේ හෙතුව නිසා පළාත් අධ්‍යක්ෂක තුමාටද එම පාසල ගැන මහත් කල කිරීමක් අති විය. මෙම පුහුණුවට පැමිණි අනෙකුත් ගුරුවරුන් උපරිම ඵල නෙලා ගත්හ.
නැවත වරක් 2009 පෙබරවාරි 27 වන දින බදුල්ල ඌව විද්‍යාලයේ විදුහල්පති රැස්වීමක් පැවැත්වුනි.පාසල් ගණනාවකින්ම විදුහල්පතිවරුන් පැමිණ සිටියහ.මෙම විදුහල්පතිවරුන් අතර සුවිශේෂී පුද්ගලයෙක් විය.එ වෙනත් කිසිවෙකු නොව,ඇටම්පිටිය මහ විද්‍යාලයේ විදුහල්පතිතුමාය.
නමුත් පළාත අධ‍යක්ෂකතුමාගේ මතය වූයේ එම පාසලට අවස්ථාවක් ලබා දුන් අතර එයින් ප්‍රයෝජනය ලබා ගත් නොගත් බවය.නමුත් විදුහල්පතිතුමා කිසිම දීමනාවක් පවා නොමැතිව එම රැස්වීම සිටීමට පමණක් අවසර දෙන මෙන් ඉල්ලීමක් කර සිටියේය.එම අවස්ථාවේදී පළාත් අධ්‍යක්ෂකතුමා එම අවස්ථාව ලබා දීමට කාරුණික වූයේය.පසුව පැවැත්වීමට යොදාගෙන තිබුනු ප්‍රධාන ගුරු පුහුණුවට එම පාසලෙන් ගුරුවරයෙකු සහභාගී කිරීමට ද අවසර දුන්නේය.

2009 මාර්තු 05 වන  දින ප්‍රධාන පුහුණුකරුවන් සදහා වන ගුරු පුහුණුවක් ආරම්භ වුනි.මෙම පුහුණුවට පාසල් නවයකින් ගුරුවරුන් පැමිණි අතර ඇටම්පිටිය මහ විද්‍යාලයෙන් ද ගුරුවරියක් පැමිණ සිටියාය.නමුත් ඇය පරිඝණක මධ්‍යස්ථානය භාර ගුරුවරිය නොවීය.

මාර්තු 13 වන  දින ප්‍රධාන පුහුණුකරුවන් සදහා වන ගුරු පුහුණුව අවසාන වුනි.පසුව ඇටම්පිටිය මහ විද්‍යාලයෙන් පැමිණි දිස්නා ගුරුබෑවිල මහත්මිය ඇයගේ පාසලේ ගුරුවරුන් විසි විසිතුන්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පුහුණු කිරීම ආරම්භ කලාය.මෙයට විදුහල්පතිතුමාගේ ද සහය නොඅඩුව ලැබුනි.දිස්නා මහත්මියද නොයෙකුත් ප්‍රශ්න මැද එම කණ්ඩායම දින කීපයක් තුලදී සාර්ථකව පුහුණුව අවසාන කලාය.

නැවතත් පාසල් නිවාඩු කාලයකදී තවත් ගුරුවරුන් විසි නව ඩෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පුහුණු කිරීම ආරම්භ කෙරුනි.එම පුහුණුවද දින කීපයක් තුලදී ඉතාමත් සාර්ථක ලෙස අවසාන කෙරුනි.

2010 වසරදී නැවතත් ගුරුවරුන් විසිපස් දෙනුකුගෙන් යුතු කණ්ඩායමක් පුහුණු කිරීම ආරම්භ කිරීමට කටයුතු යොදාගෙන තිබුනි.මෙය යොදාගෙන තිබුනේ පාසල් නිවාඩු කාලයකදීය.පුහුණුව ආරම්භ වන දිනයේ දී ඉන්ටෙල් අධ්‍යාපන කණ්ඩායමේ කෙනෙකුද පාසලට ගියේය.එදිනද සුපුරුදු පරිදි විදුහල්පතිතුමා ගේ මූලිකත්වයෙන් පුහුණුව ආරම්භ වුනි.එම කණ්ඩායමද ඉතාමත් සාර්ථක අයුරින් පුහුණුව නිමා කරන ලදි. මේ ආකාරයට දැනට දිස්නා මහත්මිය පුහුණු කරන ලද මුළු ගුරුවරු සංඛ්‍යාව හැත්ත්තෑ අට දෙනෙකු වන අතර මේ වන විට තවත් ගුරුවරුන් දොලොස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පුහුණු වෙමින් පවතී.
මේ ආකාරයට පුහුණු වීම් කටයුතු සිදු කල නිසා දිස්නා මහත්මිය ***** වැඩසටහන යටතේ වැඩිම ගුරුවරු සංඛ්‍යාවක් පුහුණු කරමින් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ලබා ගෙන ඇත.
මෙම සියළුම කණ්ඩායම් පුහුණු කරන කාලය තුලදී පාසලේ තිබුනේ පරිඝනක 10 පමණි.අන්තර්ජාල පහසුකම් තිබුනේද නැත.අවසානයේ දී ගුරුවරුන් මෙය පන්ති කාමරයේදී ද මෙය ගත්තොය.තමන්ගේ වාර විභාග ප්‍රශ්න පත්‍ර පවා තමා විසින්ම සකස්කර ගන්නා මට්ටමකට ගුරුවරුන් පත් විය.

මෙතරම් කුඩා සම්පත් ප්‍රමාණයකින් අති විශාල දෙයක් කිරීමට හැකි බව දිස්නා මහත්මිය කල දෙය අනෙකුත් පාසල් වලටද විශල ආදර්ශයකි.මෙහිදී විදුහල්පතිතුමාගේද අති විශාල කැපකිරීම සහ උත්සාහය නිසා මෙතරම් දෙයක් කල හැකි විය.අනෙකුත් විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන් හට ඇටම්පිටිය මහ විද්‍යාලය විශාල ආදර්ශයකි.
   

 


 




No comments:

Post a Comment